පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයෙහි උද්ධමනයේ සංඛ්‍යානමය පදනම බලපාන ලදී. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා පහළ ගියේය.

මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක් ලෙස වාර්තා විය.

‘Economic and Social Statistics of Sri Lanka – 2026’, an annual release of socio-economic statistics of the Central Bank of Sri Lanka, is now available for public access. This is an online data release containing long series of data in an easily accessible and downloadable format, catering to the data requirements of various stakeholders.

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගියේය. බිටුමන් (තාර) හිඟය වැනි අමුද්‍රව්‍ය සැපයීමේ බාධා පැවැතියද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට 5.2කින් ද ඉහළ ගියේය. 2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙහි දී, 2025 වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ අගයන්ට සාපේක්ෂව නේවාසික සහ කාර්මික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.

2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.

Pages

AltStyle によって変換されたページ (->オリジナル) /