Jump to content
Wikimedia Meta-Wiki

විකිමේනියා 2017/ ආරාධනයයි

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Wikimania 2017/Invitation and the translation is 100% complete.

මෙම පණිවිඩය විකිමේනියා සන්විධායක කමිටුවෙනි. පරිවර්තන ඇතුළත්ය.

විකිමේනියා 2017 අගෝස්තු 9 සිට අගෝස්තු 13 දක්වා කැනඩාවෙ මොන්ට්රියල්හි පැවැත්වෙන අතර, ඒ සඳහා ලියාපදිංචි වීම උදෙසා ඹබට සාදරයෙන් ඇරයුම් කරමු! විකිමේනියා සම්මන්ත්‍රනය, විකිපීඩියා නිදහස් විශ්වකෝෂය සහ ඊට අනුබද්ධ ව්‍යාපෘති සැමරීම සඳහා වාර්ශිකව පැවැත්වේ. මෙම සම්මන්ත්‍රනය දවස් 3ක් පැවැත්වෙන අතර, එහිදී ඔබට සම්මන්ත්‍රන, සාකච්ඡාවන්, රැස්විම්, පුහුණුවිම් සහ වැඩමුළු සඳහා සහභාගී වීමට හැක. මෙම සම්මන්ත්‍රනය සඳහා ලොව පුරා සීයයකට අධික ස්වේච්ඡා සමාජිකයන් ඉදිරිපත් වන අතර, අදාල ගැටළු සාකච්ඡාවන්, නව ව්‍යාපෘති පිළිබඳ විස්තර සහ අදහස් බෙදා ගැනීම් සිදු වේ.

මේ වසරේ වික්මේනියා සම්මන්ත්‍රනයේ විශේෂාංග ලෙස සුසාන් හර්මන් සහ ඊශ්රා අල්-ෂේෆී වැනි සුප්‍රරසිද්ධ ප්‍රවීණ විශේෂඥයන් විසින් ප්‍රධාන දේශනයන් 5ක්, ප්‍රජා රැස්වීම් සියයකට වැඩි ගණනක් සහ වැඩමුළු, Hackathon සහ Wikicon North America වැනි දින 2ක පෙරාතු සම්මේලන ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

මෙම උත්සවය ​මොන්ට්‍රියල්හි ලෙ සෙන්ටර් ශෙරටන් හෝටලය තුල හා අවට පැවත්වේ. ලියාපදින්චි වීම ජූලි 31 අවසන් වන අතර මුල් ලියාපදින්චි වීමේ වට්ටම ජූලි 10 වෙනිදායින් අවසන් වේ. ඔබ විශේෂඥයෙක්, මේ පිළිබඳ උනන්දුවක් ඇති කෙනෙක්, ආධුනිකයෙක් හෝ කුතුහලයක් ඇති කෙනෙක් නම්, ඔබ සියලු දෙනා මෙම සම්මන්ත්‍රනය සඳහා සාදරයෙන් පිළිගනිමි.

ඔබව මොන්ට්‍රියල් නගරයේදී මුණගැසීමට බලපොරොත්තු වෙමි.
එලී යන්ග්, උත්සව කළමණාකරු, විකිමීඩියා පදනම

පළකරනු ලැබුවේ මීඩියාවිකි පණිවුඩ බෙදාහැරීමේ පද්ධතිය මගිනි • පරිවර්තනය කරන්නඋදව් ලබාගන්න

AltStyle によって変換されたページ (->オリジナル) /